හෙබ්‍රෙව් 8:8-13

හෙබ්‍රෙව් 8:8-13 SCV

මන්ද ඔවුන්ට දොස් නගමින්, උන්වහන්සේ මෙසේ පවසන සේක: “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි, මෙන්න! ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙයි. එය, ඊජිප්තු දේශයෙන්, ඔවුන් පිටතට ගෙනෙන පිණිස, මා ඔවුන්ගේ පියවරුන්ගේ අතින් අල්ලාගෙන, ඔවුන් සමඟ කළ ගිවිසුම වගේ නො වේ. මන්ද ඔවුන් දිගට ම මගේ ගිවිසුමේ පැවතුණේ නැත. එබැවින් මමත් ඔවුන් නො සලකා හැරියෙමියි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මන්ද, ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. ‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියමින්, කෙනෙක් තම අසල්වැසියාටවත්, කෙනෙක් තම සහෝදරයාටවත් තවත් උගන්වන්නේ නැත; මන්ද ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා, ඔවුන් සියල්ලෝ ම මා හැඳින ගන්නාහ. මන්ද ඔවුන්ගේ අයුතුකම්වලට මම දයා වන්නෙමි; ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි.” මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත් වූ එකක් කළ සේක. එසේ, කල් ඉකුත් වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.