හෙබ්‍රෙව් 8:10-12
හෙබ්‍රෙව් 8:10-12 SCV
මන්ද, ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. ‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියමින්, කෙනෙක් තම අසල්වැසියාටවත්, කෙනෙක් තම සහෝදරයාටවත් තවත් උගන්වන්නේ නැත; මන්ද ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා, ඔවුන් සියල්ලෝ ම මා හැඳින ගන්නාහ. මන්ද ඔවුන්ගේ අයුතුකම්වලට මම දයා වන්නෙමි; ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි.”

