හෙබ්‍රෙව් 7:21-24
හෙබ්‍රෙව් 7:21-24 SCV
එහෙත් මෙතුමාණන් පූජකයකු කරනු ලැබ ඇත්තේ මෙලෙස පැවසූ තැනැන්වහන්සේගේ දිවුරුමකිනි: “ස්වාමින්වහන්සේ දිවුළ සේක; ස්වකීය සිත වෙනස් නො කරන සේක: ‘ඔබ සදහට ම පූජකයෙක් ය.’ ” මෙමඟින් යේසුස්වහන්සේ වඩා හොඳ ගිවිසුමක ඇපකරුවාණන් ව සිටින සේක. දිගට ම පූජක පදවිය දැරීම මරණය විසින් වළක්වන ලද නිසා, ලෙවීය පූජකයෝ ගණනින් බොහෝ වූහ. එහෙත් මුන්වහන්සේ සදහට ම පැවත සිටින බැවින්, උන්වහන්සේ උසුලන පූජක පදවිය ද නිත්‍ය ය.

