හෙබ්‍රෙව් 5:1-4
හෙබ්‍රෙව් 5:1-4 SCV
මිනිසුන් අතරින් තෝරාගනු ලබන හැම උත්තම පූජකයකු ම, පඬුරුත්, පාප උදෙසා යාග පූජාත් ඔප්පු කිරීමට මිනිසුන් උදෙසා දෙවියන්වහන්සේට අදාළ කාරණා සම්බන්ධ ව පත් කර ගනු ලබන්නෙකි. ඔහු ද දුබලතාවනට හසුව සිටින්නකු බැවින්, දැනුවත් නො වූවන් හා මුළා වූවන් වෙත මෘදුකමින් කටයුතු කිරීමට ඔහුට පුළුවන. ජනයාගේ පාප උදෙසා මෙන් ම, තමාගේ ම පාප උදෙසාත් පාප පූජා යාග කිරීමට ඔහුට යුතු ව ඇත්තේ එබැවිනි. ආරොන් කැඳවනු ලැබූ පරිදි, දෙවියන්වහන්සේ කැඳවනු ලැබුවොත් මිස, කිසිවකු මෙම ගෞරවය තමන්ට ම පවරා ගන්නේ නැත.

