මන්ද විශ්වාස කළ අප එම විශ්‍රාමයට ඇතුළු වන්නේ, “මගේ උදහසින් මා දිවුළ ලෙස, ඔවුන් මගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැ” යි කී පරිදි ය. එසේ වුව ද, ලෝකයේ අත්තිවාරම පටන් ම උන්වහන්සේගේ කාරිය නිම කරනු ලැබ තිබිණ. මන්ද උන්වහන්සේ හත් වන දවස ගැන එක් තැනක කතා කරමින්: “දෙවියන්වහන්සේ මැවීමේ ස්වකීය සියලු වැඩවලින් හත් වන දවසේ විශ්‍රාම ගත් සේකැ” යි පවසා තිබේ. තවද මේ පාඨයේ, “මගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැතැ” යි උන්වහන්සේ පවසන සේක. මුලින් ශුභාරංචිය ඇසූවන් අකීකරුකම නිසා, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට අසමත් වුව ද, ඇතමුනට එහි ඇතුළු වීමට තවමත් අවකාශ තිබෙන බැවින්, උන්වහන්සේ දිගු කලකට පසු දාවිත් තුළින් කතා කරමින්: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, ඔබේ හදවත් දැඩි කර නො ගන්නැ” යි “අද ය” කියා පවසමින්, ඊට දවසක් යළි නියම කර තිබේ. මන්ද යෝෂුවා ඔවුන්ට සැබෑ විශ්‍රාමය සලසා දුන්නා නම්, විශ්‍රාමය පිළිබඳ තවත් දවසක් ගැන දෙවියන්වහන්සේ ඉන්පසු කතා නො කරන්නට තිබිණි.
හෙබ්‍රෙව් 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හෙබ්‍රෙව් 4:3-8
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ