හෙබ්‍රෙව් 4:1-7

හෙබ්‍රෙව් 4:1-7 SCV

එබැවින්, උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් වලංගුව තිබියදී, ඔබෙන් යමකු එහි ඇතුළු වීමට අසමත් වේය කියා පෙනේදෝයි බය වෙමු. මන්ද ඔවුනට මෙන් ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත. මන්ද විශ්වාස කළ අප එම විශ්‍රාමයට ඇතුළු වන්නේ, “මගේ උදහසින් මා දිවුළ ලෙස, ඔවුන් මගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැ” යි කී පරිදි ය. එසේ වුව ද, ලෝකයේ අත්තිවාරම පටන් ම උන්වහන්සේගේ කාරිය නිම කරනු ලැබ තිබිණ. මන්ද උන්වහන්සේ හත් වන දවස ගැන එක් තැනක කතා කරමින්: “දෙවියන්වහන්සේ මැවීමේ ස්වකීය සියලු වැඩවලින් හත් වන දවසේ විශ්‍රාම ගත් සේකැ” යි පවසා තිබේ. තවද මේ පාඨයේ, “මගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැතැ” යි උන්වහන්සේ පවසන සේක. මුලින් ශුභාරංචිය ඇසූවන් අකීකරුකම නිසා, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට අසමත් වුව ද, ඇතමුනට එහි ඇතුළු වීමට තවමත් අවකාශ තිබෙන බැවින්, උන්වහන්සේ දිගු කලකට පසු දාවිත් තුළින් කතා කරමින්: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, ඔබේ හදවත් දැඩි කර නො ගන්නැ” යි “අද ය” කියා පවසමින්, ඊට දවසක් යළි නියම කර තිබේ.

හෙබ්‍රෙව් 4:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය