හෙබ්‍රෙව් 3:7-11
හෙබ්‍රෙව් 3:7-11 SCV
එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන පරිදි: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, පාළුකරයේ පරීක්ෂා දවසේ, කැරැල්ලේදී වූවාක් මෙන්, ඔබේ හදවත් දැඩි කර නො ගන්න. එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්, මා සෝදිසි කර, මා කළ ක්‍රියා, හතළිස් වසරක් ම දුටුවහ. එබැවින් ඒ පරපුර සමඟ කෝප ව, මම මෙසේ කීවෙමි: ‘හදවත්වලින් ඔවුහු හැම විට මුළාව යන්නෝ ය, මගේ මාර්ග, ඔවුන් හැඳින ගත්තේ නැත.’ මගේ උදහසින් මා දිවුරූ ලෙස, ‘මගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැත.’ ”

