හෙබ්‍රෙව් 3:14-19

හෙබ්‍රෙව් 3:14-19 SCV

මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු. කියා ඇති පරිදි මෙසේ ය: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, කැරැල්ලේදී ක්‍රියා කළ සේ, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.” මන්ද අසා, කැරලි ගැසුවෝ කවරහු ද? ඔවුහු මෝසෙස්ගේ මග පෙන්වීම යටතේ ඊජිප්තුවෙන් නික්ම ආ සියල්ලෝ නො වෙත් ද? හතළිස් වසරක් පුරා උන්වහන්සේ කෝප වූයේ කවුරුන් සමඟ ද? පව් කොට, පාළුකරයේ වැටී, මළ කඳන් බවට පත්වූවන් සමඟ නො වේ ද? තමන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූවන්ට මිස වෙන කවුරුන්ට ද? එබැවින් එහි පිවිසීමට ඔවුන්ට නො හැකි වූයේ නො ඇදහිල්ල නිසා බැව් අපට පෙනේ.