හෙබ්‍රෙව් 3:1-2
හෙබ්‍රෙව් 3:1-2 SCV
එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න. දෙවියන්වහන්සේගේ මුළු ගෘහයට මෝසෙස් විශ්වාසී ව සිටි සේ, මුන්වහන්සේ ද තමා පත් කළ තැනැන්වහන්සේට විශ්වාසී වූ සේක.

