හෙබ්‍රෙව් 2:5-8

හෙබ්‍රෙව් 2:5-8 SCV

අප කතා කරන මතු පැමිණෙන ලෝකය දෙවියන්වහන්සේ යටත් කර දෙනු ලැබුවේ දේව දූතයනට නො වේ. එක් තැනක, ඒ ගැන සාක්ෂි දරා ඇත්තේ, “ඔබගේ අවධානය යොමු කිරීමට මිනිසා කවරෙක් ද? ඔබ සැලකිලිමත් වීමට, මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද? දේව දූතයින්ට වඩා ඔහු මදක් පහත් වන්නට සැලසූ ඔබවහන්සේ, තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳුවේ, සියලු දේ ම ඔහුගේ පයට යටත් කරමිනි” යනුවෙනි. උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක් ම නැත. එහෙත් හැම දෙයක් ම උන්වහන්සේට යටත් ව ඇති වග තවමත් අපට නො පෙනේ.