එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතු ව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය. ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරු ව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක් ව ලැබෙන ස්ථානය බලා පිටත් ව ගියේ ඇදහිල්ලෙනි. තමා හා එක ම පොරොන්දුවේ උරුමකරුවන් වූ ඊසාක් හා යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කරමින්, පොරොන්දු වූ දේශයේ, විදේශයක මෙන් ජීවත්වීමට ඔහු ගියේ ඇදහිල්ලෙනි. මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය. පොරොන්දු වූ තැනැන්වහන්සේ විශ්වසනීය වග පිළිගත් බැවින්, තමාගේ නිසි වයස පසුවී වුව ද සාරා පිළිසිඳ ගැනීමට බලය ලද්දේ ඇදහිල්ලෙනි. මළ මිනිසකු වැනි වූ එක මිනිසකුගෙන් අහසේ තරු මෙන් බොහෝ වූ ද මුහුදු වෙරළේ වැලි මෙන් අනන්ත වූ ද දරු පරපුරක් බිහි වූයේ එබැවිනි. ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකු ම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි. මන්ද මෙසේ පවසන අය තමන්ගේ ම වාස-භූමියක් සොයනා වග ප්‍රකට කරති. තමන් පිටත් ව ආ දේශය, තමන්ගේ දේශය වශයෙන් ඔවුහු සිතා සිටියාහු නම්, ආපසු එහි හැරී යෑමට ඔවුනට අවස්ථාව තිබිණි. එහෙත් ඔවුන් ආශාවෙන් පසු වූයේ, වඩා උතුම් දේශයක්, ස්වර්ගීය දේශයක් ගැන ය. එබැවින් දෙවියන්වහන්සේ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ යැයි අමතනු ලැබීමට ලජ්ජා නො වූ සේක. උන්වහන්සේ ඔවුනට ස්වර්ගීය පුරවරයක් සූදානම් කොට තැබූ සේක.
හෙබ්‍රෙව් 11 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හෙබ්‍රෙව් 11:7-16
3 Days
As a believer, you must learn how to live with fear and walk with faith. These are not mutually exclusive; they are part of a foundation of our consciousness established by God Himself. The enemy attacks our mind to throw our body and our spirit out of alignment by establishing fear as a foothold, but faith is the first defense we have against our inner and outer fears!
Child of God, Your Heavenly Father has designed you to succeed in fulfilling His purposes for your life. Are you facing situations defiant of God’s faithful love and good plans for you? If so, remember who you are and refuse to let adverse circumstances rename you! God calls and equips His children to be overcomers. Walk with Naomi in this Bible plan and rediscover the overcomer in you.
Throughout the generations, several Bible verses have been very important in the lives of family ten Boom. This reading plan around the theme of FAITH, HOPE, and LOVE will help you see the meaning and application of these verses to your own life as well.
This plan aims to expose the lies often heard that obstruct the workings of the Holy Spirit in divine healing. Jesus stated that knowing the truth will set us free. So, what are these false truths (lies) that prevent us from fully experiencing healing?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ