හෙබ්‍රෙව් 11:1-3
හෙබ්‍රෙව් 11:1-3 SCV
ඇදහිල්ල නම්, බලාපොරොත්තු වන දේ ගැන ඇති සහතිකයයි; නො දක්නා දේ ගැන ඇති නිසැක කමයි. මන්ද පැරැන්නන් තම පිළිගැනීමක් ලද්දේ එමඟින් ය. දෙවියන්වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ වග අප වටහා ගන්නේ ඇදහිල්ලෙනි. මෙසේ පෙනෙන දෙය, නො පෙනෙන දෙයින් පහළ වූ බව පෙනී යයි.









