උන්වහන්සේට උරුම ව ඇති නාමය පරිදි, උන්වහන්සේ දේව දූතයින්ට වඩා බෙහෙවින් උත්තරීතර බවට පැමිණි සේ ම, එය ඔවුන්ගේ නාමයට වඩා බෙහෙවින් විශිෂ්ට ය. මන්ද දෙවියන්වහන්සේ කවර දේව දූතයකුට, කවදා මෙසේ පවසා ඇද්ද? “ඔබ මගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි.” යළිත්, “මම ඔහුට පියාණන් කෙනකු වන්නෙමි. ඔහු මට පුත්‍රයකු වන්නේ ය.” එසේ ම නැවතත්, උන්වහන්සේ තම කුලුඳුලාණන් ලොවට ගෙනෙන කල, මෙසේ පවසන සේක, “දෙවියන්වහන්සේගේ සියලු දූතයින්, උන්වහන්සේට නමස්කාර කරත්වා.” දේව දූතයින් ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ, “උන්වහන්සේ තම දූතයින් සුළං ද, තම සේවකයින් ගිනි දැලක් ද කරන සේක” යනුවෙනි. එහෙත් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ කියන්නේ, “අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාතනයෙන් සදාතනයට පවතින්නේ ය. ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය, ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තයකි. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබේ සහකරුවනට ඉහළින්, ප්‍රීතියේ තෙලින් ඔබ ආලේප කළ සේක” යනුවෙනි. තවද, “ස්වාමින්වහන්ස, පටන් ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක. ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ. ඒවා වැනසී යනු ඇත. එහෙත් ඔබ පැවත සිටින සේක; ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි. ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක; ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ. එහෙත් ඔබ, එක ලෙස පවතින සේක. ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.” කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා විසින් ඔබේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කර දෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.” ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?
හෙබ්‍රෙව් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හෙබ්‍රෙව් 1:4-14
3 Days
Whenever someone asks us if we believe in premarital sex we respond by saying “yes and no.” It’s a confusing answer at first, but it gives us an opportunity to make an important point. God affirms our sexuality as human beings and we can’t suddenly become asexual. For this reason, we believe in premarital sexuality. We are quick to follow up, however, by saying that having genital sex before marriage is clearly not in line with God’s principles.
4 Days
You may have asked … Isn’t being a Christian just about doing good, going to church, reading the Bible, and most of all, believing in Jesus—so we make sure heaven is where we go when we die? You may have asked … This life’s about what we can see, hear, and touch, isn’t it? These are great questions, and the truth will blow your mind. Think bigger.
This plan will empower readers with powerful biblical principles on leadership. From Joseph and Gideon to Jesus Himself, you will explore a variety of leaders in God’s Word and highlight the lessons we can learn from their decisions.
What are you missing if you only read the Bible? We have long recognized that the Bible was written for us, but not to us, and requires us to make efforts to bridge the cultural gap between ourselves as readers and the writers of the ancient world. In this study, we will become aware of yet another gap that we must recognize and factor into our reading: we must bridge the modality gap between the written word and the oral word.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ