හත් වන මස, මාසයේ විසිඑක් වන දවසේ ස්වාමින්වහන්සේගේ වචනය හග්ගයි දිවැසිවරයා මගින් ආවේ ය: “ෂෙයල්තියෙල්ගේ පුත්, යූදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ට ද යෙහෝසාදාක්ගේ පුත් උත්තම පූජක යෝෂුවාට ද ජනතාවගේ ඉතිරි ස්වල්ප දෙනාට ද කතා කොට, ඔවුන්ගෙන් මෙසේ අහන්න: ‘මෙම ගෘහය එහි පළමු තේජස ඇති ව තිබියදී දුටු අයගෙන් ඔබ අතරේ තවමත් ඉතිරි ව සිටින්නේ කවුරු ද? දැන් ඔබට මෙය පෙනෙන්නේ කෙසේ ද? දැන් එය පෙනෙන්නේ වැදගැම්මක් නැති විලසින් ද? ඒ එසේ වූවත්, එම්බා සෙරුබ්බාබෙල්, දැන් ධෛර්යවත් වන්නැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘එම්බා යෝෂුවා, යෙහෝසාදාක්ගේ පුත්‍ර, උත්තම පූජකය, ධෛර්යවත් වන්න. දේශ වාසී සියලු ජනයිනි, ධෛර්යවත් වන්නැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘වැඩට බහින්න; මම, ඔබ සමඟ සිටිමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘ඒ ඊජිප්තුවෙන් පිටතට ඔබ පැමිණි කල්හි මා ඔබ සමඟ කළ ගිවිසුම පරිදි ය. මගේ ආත්මයාණන් ඔබ අතරේ නැවතී සිටින සේක; භය නො වන්න.’ “සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘තව එක සැරයක්, තව ටික දවසකින් මම යළිත් වරක් අහසත්, පොළොවත්, මුහුද හා ගොඩ බිමත් සොලවන්නෙමි. සියලු ජාතීන්ගේ වස්තුව මෙහි පැමිණෙන පිණිස මම සියලු ජාතීන් ද සොලවන්නෙමි. මම මේ ගෘහය තේජසින් පුරවන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ‘රිදී මගේ ය; රත්රන් ද මගේ යැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘මෙම වත්මන් ගෘහයේ තේජස, පළමු ගෘහයේ තේජසට වඩා තේජවත් වන්නේ යැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ‘මේ ස්ථානයේ සිට මම සාමය ප්‍රදාන කරන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
හග්ගයි 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හග්ගයි 2:1-9
3 Days
When Persia defeated Babylon in 539 BC, the exiled Jews were allowed to return to Jerusalem and rebuild the temple. However, the construction project remained stagnant and was gradually neglected by the people. Haggai thus preached four passionate sermons to exhort them to shift from living a self-centred to a God-centred life by prioritising building God’s house. Haggai’s call is still very much relevant to Christians today, the church builders.
4 Days
God has called us to build His kingdom, but sometimes that task feels hopeless. Serving at church, investing in others, and sharing God’s love with a world that doesn’t care sometimes feels worthless. In the Book of Haggai, we meet a group of people at another point in history who felt the same way. In this 4-day plan, we’ll see how God encouraged them and what that means for us.
10 Days
The Lord is always at work in our lives - teaching, purging, guiding, and strengthening. In the little book of Haggai, we learn great truth about His work in us and how we are to work with Him. Welcome to God's Construction Zone! Let's join Scott Pauley now as we study this book together. All Scripture quotations are taken from the Authorized Version (KJV).
12 Days
Do you wish you could press restart on a few things? You can, and The Time Is Now. Learn with Life.Church, through the book of Haggai, God’s long-term plans for rebuilding your life today.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ