උත්පත්ති 7:1-5
උත්පත්ති 7:1-5 SCV
ස්වාමින්වහන්සේ ඉන්පසු නෝවා ඇමතූ සේක්, “ඔබත්, ඔබේ මුළු පවුලත් නැවට ඇතුළු වන්න. මන්ද මේ පරපුරේ ඔබ පමණක් ධර්මිෂ්ඨ වග මම දුටිමි. හැම වර්ගයක ම පවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩු හත බැගින් ද අපවිත්‍ර සතුන්ගෙන් පිරිමි සතකු හා උගේ ගැහැනු සතා යන වශයෙන් සත්ව ජෝඩුවක් බැගින් ද හැම වර්ගයක ම පක්ෂීන්ගෙන් කුරුල්ලකු හා උගේ කිරිල්ල යන වශයෙන් කුරුලු ජෝඩු හත බැගින් ද ඒ ඒ සත්ව වර්ග පොළෝ තලේ නො නැසී පැවැත්ම සඳහා ඔබ කැටිව ගෙන යන්න. තව හත් දවසකින් දහවල හතළිහක් හා රෑ හතළිහක් එක දිගට පොළොව පිට වැසි වස්සන්නෙමි. එසේ මා විසින් සාදන ලද හැම සජීවී සතකු ම පොළෝ තලයෙන් තුරන් කර දමන්නෙමි” යි පැවසූ සේක. නෝවා, ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල කළේ ය.

