උත්පත්ති 49:1-4

උත්පත්ති 49:1-4 SCV

ඉන්පසු, යාකොබ් තම පුතුන් කැඳවා, “මා වටා රැස් වන්න. මතු දවස්වල ඔබට සිදුවන දෑ මා ඔබට කියා දෙන්නම්” යි කීවේ ය. “එම්බා යාකොබ්ගේ පුත්‍රයිනි, එක් රැස් වී, සවන් දෙන්න. ඔබේ පියා වන ඉශ්‍රායෙල්ට කන් දෙන්න. “රූබෙන්, නුඹ මගේ කලුඳුලා ය; මගේ බල වික්‍රමය ය. මගේ සවියේ නාඹුල් පලය ය. ගෞරවයේ විශිෂ්ටත්වය ය. බලයේ විශිෂ්ටත්වය ය. ජලය මෙන් මැඩලිය නො හැකි නුඹට තවදුරටත් විශිෂ්ටත්වය නො ලැබේ. මන්ද නුඹ, නුඹේ පියාගේ යහනට වැද, මගේ ම ඇඳට නැග, එය කෙලෙසූ බැවිනි.