උත්පත්ති 48:17-20

උත්පත්ති 48:17-20 SCV

තම පියා, ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තබනු දුටු යෝසෙප් ඊට රිසි නො වී, එප්‍රායිම්ගේ හිස වෙතින් අත ඉවත් කර, මනස්සේගේ හිස මත තබන පිණිස තම පියාගේ අත ඇල්ලී ය. යෝසෙප් තම පියාට කතා කොට, “එහෙම නො වේ මගේ පියාණෙනි, මොහුයි කුලුඳුලා. ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ” යි කීවේ ය. එහෙත් ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මා දන්නවා, මා පුත, මා දන්නවා. ඔහුත් ජනතාවක් වෙනවා ඇති; ඔහුත් ශ්‍රේෂ්ඨ වනු ඇති. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහුගෙන් පැවත එන්නෝ ජාතීන් සමූහයක් බවට පත් වන්නෝ යැ” යි පැවසී ය. මෙසේ ඒ දවසේ ඔහු ඔවුන්ට ආශිර්වාද කරමින්, “ඉශ්‍රායෙල්වරුන් ආශිර්වාද ප්‍රකාශ කිරීමට ඔබේ නම යොදා ගනිමින්, ‘දෙවියන්වහන්සේ, ඔබ එප්‍රායිම් හා මනස්සේ මෙන් වෙන්නට සලසත්වා!’ කියා කියනු ඇතැ” යි කීවේ ය. මෙසේ ඔහු එප්‍රායිම්, මනස්සේට පෙරටුවෙන් තැබී ය.