උත්පත්ති 45:9-11
උත්පත්ති 45:9-11 SCV
දැන් හනික මා පියා වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න, ‘ඔබගේ පුත්‍ර යෝසෙප් මෙසේ කියයි; දෙවියන්වහන්සේ මා මුළු මහත් ඊජිප්තුවට ම ස්වාමියා කර ඇත. මා වෙත මෙහි එන්න. පමා නො වන්න. ඔබ ගෝෂෙන් පළාතේ වෙසෙමින්, මා කිට්ටුවෙන් සිටිනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත්, ඔබේ දරුවන්ගේ දරුවනුත්, ඔබගේ එළු බැටළු රංචු හා ගව රංචුත්, ඔබට ඇති සියල්ලත් සමඟ වසනු ඇත. එහිදී මම ඔබ රක්ෂා කරන්නෙමි. එසේ නො වුවහොත් ඔබත්, ඔබගේ ගෘහ වාසීන් හා ඔබට අයත් සියල්ලත් අනාථ වී යනු ඇත. මන්ද ඉදිරියට සාගතයේ තවත් අවුරුදු පහක් තිබේ.’

