උත්පත්ති 45:6-11

උත්පත්ති 45:6-11 SCV

දැන් අවුරුදු දෙකක පටන් දේශයේ සාගතය පවතී. සී සෑමක්, අස්වනු නෙළීමක් නැති තවත් පස් අවුරුද්දක් වෙයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබට පෙරටුව මා එවුවේ, මේ මිහි පිට ඔබට ඉතිරි ස්වල්ප දෙනකු ආරක්ෂා කර දෙන පිණිසත්, ඉමහත් ගැලවීමකින් ඔබේ ජීවිත සුරකින පිණිසත් ය. “එබැවින් මෙහි මා එවුවේ ඔබ නො වෙයි; දෙවියන්වහන්සේයි. උන්වහන්සේ මා පාරාවෝට පියකු ද ඔහුගේ ගෘහවාසී හැමට ස්වාමියා ද මුළු ඊජිප්තු දේශයට පාලකයා ද කොට පත් කළ සේක. දැන් හනික මා පියා වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න, ‘ඔබගේ පුත්‍ර යෝසෙප් මෙසේ කියයි; දෙවියන්වහන්සේ මා මුළු මහත් ඊජිප්තුවට ම ස්වාමියා කර ඇත. මා වෙත මෙහි එන්න. පමා නො වන්න. ඔබ ගෝෂෙන් පළාතේ වෙසෙමින්, මා කිට්ටුවෙන් සිටිනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත්, ඔබේ දරුවන්ගේ දරුවනුත්, ඔබගේ එළු බැටළු රංචු හා ගව රංචුත්, ඔබට ඇති සියල්ලත් සමඟ වසනු ඇත. එහිදී මම ඔබ රක්ෂා කරන්නෙමි. එසේ නො වුවහොත් ඔබත්, ඔබගේ ගෘහ වාසීන් හා ඔබට අයත් සියල්ලත් අනාථ වී යනු ඇත. මන්ද ඉදිරියට සාගතයේ තවත් අවුරුදු පහක් තිබේ.’

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 45:6-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය