තුන් වන දවසේ යෝසෙප් ඔවුන්ට කතා කොට, “මෙහෙම කරන්න; එවිට ඔබේ දිවි රැකේවි. මන්ද මා දෙවියන්වහන්සේට භය ඇති කෙනෙක්. ඔබ අවංක මිනිසුන් නම්, ඔබ සහෝදරයින්ගෙන් කෙනකු මෙහි සිරගත ව සිටියදී, හාමතේ සිටින ඔබේ පවුල්වලට ධාන්‍ය රැගෙන, සෙසු අයට පිටත් ව ගිය හැකියි. එහෙත් ඔබේ බාල සහෝදරයා මා වෙත ගෙන ආ යුතුයි. එසේ ඔබේ වචන සත්‍ය වග ඔප්පු වීමෙන්, ඔබ නො නසිනු ඇතැ” යි කීවේ ය. ඔවුහු ඊට එකඟ වූහ. එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “නිසැකයෙන් ම අපේ සහෝදරයා සම්බන්ධ ව කළ වරදට ලැබෙන දඬුවමක් මේක. ඔහු තම ජීවිතය ගැන අපට කන්නලව් කරද්දී, ඔහුගේ සිතේ පීඩාව අප දුටුවත්, අප ඇසුවේ නැහැ. එනිසයි මේ සිත් පීඩා අප පිට පැමිණ ඇත්තේ” යි කීහ. එකල රූබෙන් පිළිතුරු දෙමින්, “කොලුවාට එරෙහිව පව් නො කරන්නැයි මා නුඹලාට කීවේ නැද්ද? ඒත්, නුඹලා ඇසුවේ නැත. මෙන්න දැන් ඔහුගේ ලේ ගැන අප ගණන් දිය යුතු ව ඇතැ” යි පැවසී ය. තම කතා බහ යෝසෙප්ට වැටහුණු වග ඔවුහු නො දත්හ. මන්ද දෙගොල්ල අතරේ භාෂා පරිවර්තකයකු විය. යෝසෙප් ඔවුන් වෙතින් ඉවත හැරී හඬන්නට වන්නේ ය. ඉන්පසු යළි හැරී, යළිත් ඔවුන් සමඟ කතා කළේ ය. ඔහු ඔවුන් අතරින් සිමියොන් ගෙන, ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔහු බැඳ දැමී ය.
උත්පත්ති 42 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 42:18-24
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ