“එබැවින් දැන් පාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවත් කෙනකු සොයා, ඊජිප්තු දේශයේ බාරකාරත්වයට ඔහු පත් කෙරේවා. සමෘද්ධියේ හත් අවුරුදු කාලය තුළ, ඊජිප්තු දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටසක් අය කර ගන්නා පිණිස, පාරාවෝ බලයලත් නිලධාරීන් පත් කෙරේවා. ඔවුන්, මතු පැමිණෙන මේ සාරවත් අවුරුදුවල සියලු ආහාර වර්ග එකතු කොට, පාරාවෝගේ ආධිපත්‍යය යටතේ, ආහාර සඳහා නගරවල ගබඩා කොට තැබිය යුතුයි. සාගතයෙන් දේශය විනාශ වී නො යන පිණිස, මෙම ආහාර, ඊජිප්තු දේශය පුරා මතු ඇති වන හත් අවුරුදු සාගතයේ පරිභෝජනයට වෙන් කොට තැබිය යුතු වේ යැ” යි කීවේ ය. එම යෝජනාව පාරාවෝටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත් හොඳ වග පෙනී ගියේ ය. එබැවින් පාරාවෝ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ ආත්මයෙන් හෙබි, මේ මිනිසාට වඩා සුදුස්සකු අපට සොයාගත හැකි දැ?” යි ඇසුවේ ය. මෙසේ පාරාවෝ යෝසෙප් අමතමින්, “දෙවියන්වහන්සේ මේ හැම දේ ඔබට දන්වා ඇති බැවින්, ඔබ තරම් දැනුම් තේරුම් ඇති, ප්‍රඥාසම්පන්න කෙනකු තවත් නැත. මගේ මාලිගයේ ආධිපත්‍යය ඔබට පැවරේ. මගේ මුළු මහත් ජනතාව, ඔබේ නියෝගවලට යටත් ය. සිංහාසනයේදී පමණක්, මම ඔබට වඩා උසස් ව සිටිමි” යි පැවසී ය. පාරාවෝ යෝසෙප්ට කතා කොට, “මෙන්න, මුළු ඊජිප්තු දේශය ම මම ඔබට පවරමි” යි කීවේ ය. ඉන්පසු ඔහු තම ඇඟිල්ලේ වූ තම පේරැස් මුද්ද ගලවා, එය යෝසෙප්ගේ ඇඟිල්ලේ දැම්මේ ය. සිහින් හණ පිළියෙන් කළ ඇඳුම් ඔහුට හඳවා, ඔහුගේ ගෙල වට රන් මාලයක් ද පළඳවා, තමාගේ දෙවැනි රාජකීය අශ්ව රථයේ ඔහු නංවා, ගමන් කරවී ය. ඔහුට පෙරටුවෙන් මිනිස්සු, “දණ නමව්” කියමින් හඬ නැගූහ. මෙසේ පාරාවෝ, මුළු ඊජිප්තු දේශයට ම අධිපතියා කොට යෝසෙප් පත් කළේ ය.
උත්පත්ති 41 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 41:33-43
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ