උත්පත්ති 40:20-23
උත්පත්ති 40:20-23 SCV
තුන් වන දවස පාරාවෝගේ උපන් දවස විය. ඔහු තමාගේ සියලු සේවකයනට සාදයක් පැවැත්වී ය. ඔහු තම නිලධාරීන් ඉදිරිපිට ප්‍රධාන කුසලාන දරන්නාගේ ද ප්‍රධාන රොටි සාදන්නාගේ ද හිස් එසවී ය: ඔහු ප්‍රධාන කුසලාන දරන්නා යළි ඔහුගේ නිලයට පත් කළෙන්, නැවතත් ඔහු, පාරාවෝගේ අතට කුසලාන දුන්නේ ය. එහෙත් යෝසෙප් ඔවුන්ට සිහින අරුත් පහදා දුන් පරිදි, ඔහු ප්‍රධාන රොටි සාදන්නා එල්ලා දැමී ය. කෙසේ වුව ද ප්‍රධාන කුසලාන දරන්නාට යෝසෙප් සිහි වූයේ නැත. හෙතෙම ඔහු අමතක කර දැමී ය.

