කලකට පසු, කායින් පොළොවේ පලදාවෙන් කොටසක්, ස්වාමින්වහන්සේට පඬුරක් වශයෙන් ගෙන ආවේ ය. එහෙත් ආබෙල් තම රංචුවේ කුලුඳුලන්ගෙන් හා උන්ගේ හොඳ ම කොටස්වලින් තම පඬුර ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ආබෙල් ද ඔහුගේ පඬුර ද දෙස ප්‍රසාදයෙන් බැලූ සේක. එහෙත් කායින් ද ඔහුගේ පඬුර ද දෙස උන්වහන්සේ ප්‍රසාදයෙන් බැලුවේ නැත. එබැවින් කායින් තදින් කිපිණ. ඔහුගේ මුහුණ නො සතුටු විණ. එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “නුඹ කිපී සිටින්නේ මන්ද? නුඹේ මුහුණ නො සතුටු ව තිබෙන්නේ මන්ද? හරි දේ කරන්නේ නම්, නුඹත් නො පිළිගැනේ ද? එහෙත් නුඹ හරි දේ නො කරන කල, පාපය දොරකඩ ලැග, මාන බලමින් සිටී. එහි ආශාව නුඹ අල්ලා ගැනීමයි. එහෙත් නුඹ එය දමනය කළ යුතු යැ” යි පැවසූ සේක. ඉක්බිති කායින් තම සහෝදර ආබෙල්ට කතා කළේ ය. ඔවුන් කෙතේ සිටින අතරේ, තම සහෝදර ආබෙල්ට පහර දුන් කායින් ඔහු මරා දැම්මේ ය. එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “ඔබේ සහෝදර ආබෙල් කොහේ දැ?” යි ඇසූ සේක. “මා දන්නේ නැතැ” යි පිළිතුරු දුන් ඔහු, “මගේ සහෝදරයාගේ රැකවලා මා දැ?” යි ඇසී ය. එවිට ස්වාමින්වහන්සේ “නුඹ කර තිබෙන්නේ කුමක් ද? නුඹේ සහෝදරයාගේ ලේවල හඬ පොළොවේ සිට මට මොර ගසයි. නුඹේ අතින් වැගිරුණු නුඹේ සහෝදරයාගේ ලේ පිළිගැනීමට මුව විවර කළ පොළොවේ ශාපයකට නුඹ යටත්; නුඹ පොළොව වගා කරන කල, පොළොව තවදුරටත් එහි සාරවත්කම නුඹට උපද්දවා නො දෙයි. නුඹ ස්ථිර පදිංචියක් නැතිව, මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇතැ” යි පැවසූ සේක. කායින් ස්වාමින්වහන්සේ අමතමින්, “මගේ දඬුවම මට දරන්නට හැකිවාටත් වඩා වැඩියි. අහෝ! අද දවසේ ඔබවහන්සේ මේ බිමින් මා පලවා හරින සේක. ඔබේ අබිමුවින් මම සඟවනු ලබන්නෙමි. ස්ථිර පදිංචියක් නැතිව, මා මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇත. මා හමුවන කවරෙක් නමුත් මා මරා දමතැ” යි කීවේ ය. එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ නො වේ. යමෙක් කායින් මැරුවහොත්, එමෙන් හත් වරක් ඔහුගෙන් පළිගනු ලැබේ යැ” යි පැවසූ සේක. කායින් හමුවන කවරකු විසින් හෝ ඔහු මරනු නො ලබන පිණිස, ස්වාමින්වහන්සේ කායින් මත සලකුණක් කළ සේක. එබැවින් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් කායින් ඉවත් ව ගියේ ය. ඒදනට පෙරදිග නොද් දේශයෙහි ඔහු වාසය කළේ ය.
උත්පත්ති 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 4:3-16
3 Days
Abel was a good shepherd, who was unjustly murdered by his wicked brother, Cain. After death, Abel's blood cried out to God for justice, and the book of Hebrews specifically cites this fact as evidence of resurrection power. Does the story of a good shepherd, who unjustly suffers death, but speaks through resurrection power beyond the grave sound familiar? Learn how Abel's story points us to the story of Jesus!
Stop feeling guilty about every jealous feeling. Discover the three biblical types of jealousy and why understanding the difference will transform how you process these emotions. This eye-opening plan reveals what most Christians never realize about God's own jealousy.
What if your jealousy isn't just sin to confess but spiritual intelligence about your calling? Discover how to distinguish between holy desire and harmful covetousness, and learn to follow God's GPS system hidden in your comparison moments.
4 Days
Few things spark greater anger than a betrayal. And carrying the pain and trauma with you can ignite an unquenchable resentment that leaves you hopeless and despondent. When you’re overcome with bitterness, you need to know there is a God who understands and can help reconcile your pain. This plan will help you understand your anger and how to extinguish it with peace.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ