ආදම් තම බිරිඳ වන ඒව සමඟ එක් වුණේ ය. ඈ ගැබ් ගෙන, කායින් බිහි කළා ය. “ස්වාමින්වහන්සේගේ පිහිටෙන් මම මනුෂ්‍යයකු ලබා ගතිමි” යි ඈ කීවා ය. පසුව ඈ, කායින්ගේ සහෝදර ආබෙල් බිහි කළා ය. ආබෙල් සත්ව පාලකයෙක් විය. කායින් භූමිය වගා කරන්නෙක් විය. කලකට පසු, කායින් පොළොවේ පලදාවෙන් කොටසක්, ස්වාමින්වහන්සේට පඬුරක් වශයෙන් ගෙන ආවේ ය. එහෙත් ආබෙල් තම රංචුවේ කුලුඳුලන්ගෙන් හා උන්ගේ හොඳ ම කොටස්වලින් තම පඬුර ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ආබෙල් ද ඔහුගේ පඬුර ද දෙස ප්‍රසාදයෙන් බැලූ සේක. එහෙත් කායින් ද ඔහුගේ පඬුර ද දෙස උන්වහන්සේ ප්‍රසාදයෙන් බැලුවේ නැත. එබැවින් කායින් තදින් කිපිණ. ඔහුගේ මුහුණ නො සතුටු විණ. එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “නුඹ කිපී සිටින්නේ මන්ද? නුඹේ මුහුණ නො සතුටු ව තිබෙන්නේ මන්ද? හරි දේ කරන්නේ නම්, නුඹත් නො පිළිගැනේ ද? එහෙත් නුඹ හරි දේ නො කරන කල, පාපය දොරකඩ ලැග, මාන බලමින් සිටී. එහි ආශාව නුඹ අල්ලා ගැනීමයි. එහෙත් නුඹ එය දමනය කළ යුතු යැ” යි පැවසූ සේක. ඉක්බිති කායින් තම සහෝදර ආබෙල්ට කතා කළේ ය. ඔවුන් කෙතේ සිටින අතරේ, තම සහෝදර ආබෙල්ට පහර දුන් කායින් ඔහු මරා දැම්මේ ය. එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “ඔබේ සහෝදර ආබෙල් කොහේ දැ?” යි ඇසූ සේක. “මා දන්නේ නැතැ” යි පිළිතුරු දුන් ඔහු, “මගේ සහෝදරයාගේ රැකවලා මා දැ?” යි ඇසී ය. එවිට ස්වාමින්වහන්සේ “නුඹ කර තිබෙන්නේ කුමක් ද? නුඹේ සහෝදරයාගේ ලේවල හඬ පොළොවේ සිට මට මොර ගසයි. නුඹේ අතින් වැගිරුණු නුඹේ සහෝදරයාගේ ලේ පිළිගැනීමට මුව විවර කළ පොළොවේ ශාපයකට නුඹ යටත්; නුඹ පොළොව වගා කරන කල, පොළොව තවදුරටත් එහි සාරවත්කම නුඹට උපද්දවා නො දෙයි. නුඹ ස්ථිර පදිංචියක් නැතිව, මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇතැ” යි පැවසූ සේක. කායින් ස්වාමින්වහන්සේ අමතමින්, “මගේ දඬුවම මට දරන්නට හැකිවාටත් වඩා වැඩියි. අහෝ! අද දවසේ ඔබවහන්සේ මේ බිමින් මා පලවා හරින සේක. ඔබේ අබිමුවින් මම සඟවනු ලබන්නෙමි. ස්ථිර පදිංචියක් නැතිව, මා මිහි පිට ඉබාගාතෙ ඇවිදිනු ඇත. මා හමුවන කවරෙක් නමුත් මා මරා දමතැ” යි කීවේ ය. එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ නො වේ. යමෙක් කායින් මැරුවහොත්, එමෙන් හත් වරක් ඔහුගෙන් පළිගනු ලැබේ යැ” යි පැවසූ සේක. කායින් හමුවන කවරකු විසින් හෝ ඔහු මරනු නො ලබන පිණිස, ස්වාමින්වහන්සේ කායින් මත සලකුණක් කළ සේක. එබැවින් ස්වාමින්වහන්සේ ඉදිරියෙන් කායින් ඉවත් ව ගියේ ය. ඒදනට පෙරදිග නොද් දේශයෙහි ඔහු වාසය කළේ ය.
උත්පත්ති 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 4:1-16
3 Days
Abel was a good shepherd, who was unjustly murdered by his wicked brother, Cain. After death, Abel's blood cried out to God for justice, and the book of Hebrews specifically cites this fact as evidence of resurrection power. Does the story of a good shepherd, who unjustly suffers death, but speaks through resurrection power beyond the grave sound familiar? Learn how Abel's story points us to the story of Jesus!
4 Days
BibleProject designed this plan to help individuals, families, and groups reflect on the biblical concept of sin. What is wrong, and what is right? And how does the Bible define sin? We look at three Hebrew words used for sin in the Bible and examine how sin is not only something we do but also something that happens to us—a force that we can choose to rule over.
How can the heroes of the Bible inspire us to greatness? Join us in this four-day reading plan as Kristi Krauss motivates us with Abel's great faith, Enoch's walk with God, Noah's lifelong obedience, and Abraham's amazing strength. Don't be surprised if these testimonies transform your life.
5 Days
Readers are invited to fall in love with Scripture all over again without checking their intellect--or their imaginations--at the door.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ