උත්පත්ති 38:19-23
උත්පත්ති 38:19-23 SCV
ඉන්පසු ඈ නැගිට, පිටත් ව ගියා ය. තම මුහුණු වැස්ම ඉවත් කළ ඈ, තම වැන්දඹු-ඇඳුම් යළි ඇඟ ලා ගත්තා ය. මේ අතර යූදා එම ස්ත්‍රිය වෙතින් තම ඇපය ආපසු ලබාගන්නා පිණිස, අදුල්ලාම් වාසී තම මිතුරා අත එළු පැටවකු යැවී ය. එහෙත් ඔහුට ඇය හමු වූයේ නැත. එබැවින් ඒ පෙදෙසේ විසූවන්ගෙන් ඒ ගැන විමසූ ඔහු, “ඒනයිම් මග අද්දර සිටි දේවාල වෙසඟන කොහේ දැ?” යි ඇසී ය. එහෙත් ඔවුන්ගේ පිළිතුර වූයේ, “දේවාල වෙසඟනක මෙහි සිටියේ නැත” යන්න ය. එබැවින් ඔහු යූදා වෙත ආපසු ගොස්, “මට ඇය හමු වුණේ නැහැ. ඇරත්, එහි වෙසෙන මිනිසුන් කීවේ, කිසි ම වෙසඟනක එහි සිටියේ නැති බව යැ” යි පැවසී ය. එවිට යූදා, “ඈ ළඟ ඇති දෑ ඈ තබා ගත්තා වේ. නැතහොත් අප සිනහවට ලක් විය හැකියි. කෙසේ වෙතත්, මා මෙම එළු පැටවා ඇයට යැව්වා. එහෙත්, ඔබට ඇය හමු වී නැතැ” යි කීවේ ය.

