උත්පත්ති 35:27-29

උත්පත්ති 35:27-29 SCV

යාකොබ්, කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් අසල මම්රේහි තම පියා වූ ඊසාක් වෙත ආයේ ය. ආබ්‍රහම් ද ඊසාක් ද වාසය කොට තිබුණේ එහි ය. ඊසාක් අවුරුදු එකසිය අසූවක් වාසය කළේ ය. ඔහු හොඳ මහලු වයසේ අවසන් හුස්ම හෙළා, මියැදුණෙන්, මිය ගිය තම ජනයා අතරට එක්කරන ලද්දේ ය. ඔහුගේ පුතුන් වූ ඒසව් හා යාකොබ් ඔහු භූමදාන කළහ.