උත්පත්ති 35:10-12
උත්පත්ති 35:10-12 SCV
දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබේ නම යාකොබ් ය. එහෙත් යාකොබ් නමින් මින් මතු ඔබ අමතනු ලබන්නේ නැත. ඔබේ නම ඉශ්‍රායෙල් වන්නේ යැ” යි කී සේක. මෙසේ උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල් යන නම තැබූ සේක. තවද දෙවියන්වහන්සේ ඔහු අමතමින්, “මම සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය. සඵල වී, ගණනින් වැඩි වර්ධන වන්න. ජාතියක් ද ජාතීන් සමූහයක් ද ඔබගෙන් පැවත එනු ඇත. රජවරුන් ද ඔබගෙන් බිහිවනු ඇත. ආබ්‍රහම්ටත්, ඊසාක්ටත් මා දුන් දේශය, මම ඔබට දෙන්නෙමි. ඔබගෙන් පසු මේ දේශය ඔබගෙන් පැවත එන්නන්ට දෙන්නෙමි” යි පැවසූ සේක.

