උත්පත්ති 35:1-6
උත්පත්ති 35:1-6 SCV
දෙවියන්වහන්සේ යාකොබ්ට කතා කොට, “නැගිට, බෙතෙල්ට නැගී ගොස්, එහි පදිංචි වන්න. ඔබේ සහෝදර ඒසව් වෙතින් ඔබ පලා යද්දී, ඔබට පෙනුණු දෙවියන්වහන්සේට එහි පූජාසනයක් ගොඩ නගන්නැ” යි කී සේක. එබැවින් යාකොබ් තමාගේ පවුලේ අය ද තමා සමඟ සිටි සෙසු සියල්ලන් ද අමතමින්, “ඔබ අතරේ ඇති විදෙස් දෙවිවරුන් ඉවතලන්න. පවිත්‍ර වී, ඔබේ ඇඳුම් මාරු කර ගන්න. එන්න, අපි බෙතෙල් වෙත නැගී යමු. මගේ විපත්ති දවස්හි මට පිළිතුරු දුන්නා වූ ද මා ගිය ගිය තැන මා සමඟ ම සිටියා වූ ද දෙවියන්වහන්සේට මම එහි පූජාසනයක් ගොඩ නගන්නෙමි” යි කීවේ ය. එවිට ඔවුහු තමන් ළඟ තිබූ විදෙස් දේව පිළිම සියල්ල ද තම කන්වල වූ ආභරණ ද යාකොබ්ට දුන්හ. ඔහු ඒවා ෂෙකෙම් අසල වූ ඒලා ගස යට වැළලී ය. ඉන්පසු ඔවුහු ගමන් ඇරඹූහ. ඔවුන් වටා වූ නගර පිට දෙවියන්වහන්සේගෙන් වූ භීතියක් පතිත වූයෙන්, කිසිවකුත් යාකොබ් පුත්‍රයින් ලුහුබැඳ ගියේ නැත. යාකොබ් ද තමා සමඟ වූ සියලු දෙනා ද කානාන් දේශයේ ලූස් හෙවත් බෙතෙල් වෙත ආවෝ ය.

