උත්පත්ති 33:1-3
උත්පත්ති 33:1-3 SCV
යාකොබ් නෙත් ඔසවා, බැලූ විට මෙන්න! ඒසව් ඔහුගේ මිනිසුන් හාරසියය සමඟ පැමිණෙමින් සිටිනු දිටී ය. එබැවින් යාකොබ්, ලෙයා ද රාඛෙල් ද සේවිකාවන් දෙදෙනා ද අතරේ දරුවන් බෙදී ය; ඔහු සේවිකාවන් හා ඔවුන්ගේ දරුවන් ඉදිරියෙන් ම ද ලෙයා හා ඇගේ දරුවන් ඊළඟට ද රාඛෙල් හා යෝසෙප් පිටුපසින් ද සිටුවා, ඔවුන්ට ඉස්සර වී, පෙරට යමින්, තම සහෝදරයා වෙත ළඟා වෙමින්, හත් වාරයක් බිමට නැමී, වැන්දේ ය.

