එබැවින් තම එළු බැටළු රංචු සිටි තණ පිටියට එන ලෙස පණිවුඩ යවා, රාඛෙල් හා ලෙයා කැඳවූ යාකොබ්, ඔවුන් අමතමින්, “ඔබේ පියා මට පෙර පරිදි ප්‍රිය මනාප බවක් දැන් නො දක්වන වග මට පෙනේ. එහෙත් මගේ පියාගේ දෙවියන්වහන්සේ මා සමඟ වූ සේක. මා මගේ මුළු ශක්තියෙන් ඔබේ පියාට වැඩ කර දුන් වග ඔබ දනී. එහෙත් ඔබේ පියා මට වංචා කරමින්, දහ වාරයක් මගේ කුලිය වෙනස් කළා. එහෙත් මට අනර්ථයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ දුන්නේ නෑ. ‘පුල්ලි වැටුණු උන් ඔබගේ කුලිය වන්නේ යැ’ යි ඔහු කී කල, සියලු සත්ව රංචු පුල්ලි වැටුණු පැටවුන් ගැසුවා. ‘වයිරම් සහිත උන් ඔබේ කුලිය වන්නේ යැ’ යි ඔහු කී කල, සියලු රංචු වයිරම් සහිත පැටවුන් ගැසුවා. මෙසේ දෙවියන්වහන්සේ ඔබේ පියාගේ සත්ව සම්පත ඔහුගෙන් ඉවත් කර, උන් මට දී තියෙනවා.
උත්පත්ති 31 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 31:4-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ