“මේ අවුරුදු විස්සට මා සිටියේ නුඹ ළඟයි; නුඹේ එළු බැටළු දෙනුන් ගබ්සා වුණේ නැහැ. නුඹේ රංචුවල බැටළුවන් මා අහරට ගත්තේ නැහැ. වන මෘගයින් ඉරා දැමූ සතුන් මා නුඹ වෙත ගෙනාවේ නැහැ. එහි පාඩුවත් මා දරාගත්තා. දවාලේ හෝ රැයේ හෝ සොරු ගෙනගියවුන් පවා නුඹ මගෙන් අය කර ගත්තා. මා කල් යැව්වේ මෙලෙසයි. දහවල් හිරු තාපයෙන් ද රාත්‍රි තද ශීතලෙන් ද මා දැවුණා. නින්ද මගේ දෙනෙතින් පලා ගියා. පසුගිය මේ අවුරුදු විස්ස ම මා සිටියේ නුඹේ ගෙදර. දාහතර අවුරුද්දක් නුඹේ දූවරුන් දෙදෙනා සඳහාත් හය අවුරුද්දක් නුඹේ එළු බැටළු රංචු සඳහාත් මා නුඹට වැඩ කර දුන්නා. නුඹ දහ වතාවක් මගේ කුලිය වෙනස් කළා. මගේ පියාගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ භීතිය ද වූ තැනැන්වහන්සේ මා සමඟ නො වූ සේක් නම්, නුඹ හිස් අතින් ම මා පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, මගේ අසීරුතා හා මගේ දෑතේ වෙහෙස දෙවියන්වහන්සේ දුටු සේක්, ඊයේ රෑ උන්වහන්සේගේ තීන්දුව නුඹට දී ඇතැ” යි කීවේ ය.
උත්පත්ති 31 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 31:38-42
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ