උත්පත්ති 31:22-24

උත්පත්ති 31:22-24 SCV

යාකොබ් පලා ගිය වග තුන් වන දවසේ ලාබාන්ට දන්වන ලදී. එවිට තමා සමඟ තම නෑයින් ද කැටිව, හත් දවසක් යාකොබ් ලුහුබැඳ ගිය ඔහු ගිලියාද් කඳු රටේදී ඔහු වෙත ළඟා වූයේ ය. දෙවියන්වහන්සේ රාත්‍රි සිහිනයකින් අරාමීය ලාබාන් වෙත අවුත්, “යාකොබ්ට හොඳක් හෝ නරකක් කිසිවක් නො කියන්නට වග බලා ගන්නැ” යි පැවසූ සේක.