ආදම් හා ඔහුගේ බිරිඳ සඳහා හම් වස්ත්‍ර සෑදූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, ඒවා ඔවුන්ට හැඳ වූ සේක. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මෙන්න! හොඳ හා නරක දැනගැනීමෙන්, මනුෂ්‍යයා දැන් අපගෙන් කෙනකු හා සමාන බවට පත් ව සිටියි. ඊළඟට ඔහුගේ අත දිගු කොට, ජීවන වෘක්ෂයෙන් ද ගෙන, අනුභව කොට, ඔහු සදහට ම ජීවත් නො විය යුතු යැ” යි පැවසූ සේක. එබැවින්, භූමියෙන් ගනු ලැබූ මනුෂ්‍යයා, භූමිය වගා කරනු සඳහා ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් නෙරපා දැමූ සේක. එසේ මනුෂ්‍යයා පිට මං කළ පසු, ජීවන වෘක්ෂයට යන මාවත රැකවල්ලමින්, ඒදන් උයනට පෙරදිගින් කෙරුබ්වරුන් ද හැම අතට ම ලෙළ දෙන, ඇවිළෙන කඩුවක් ද උන්වහන්සේ තැබූ සේක.
උත්පත්ති 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 3:21-24
8 දින
ඒ සියල්ල ආරම්භ වූයේ කෙසේද? අපි කොහෙන්ද ආවේ? ලෝකයේ මෙතරම් දුක්ඛිත තත්වයන් පවතින්නේ ඇයි? බලාපොරොත්තුවක් තිබේද? මරණයෙන් පසු ජීවිතයක් තිබේද? ලෝකයේ මෙම සැබෑ ඉතිහාසය කියවන විට පිළිතුරු සොයා ගන්න.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ