උත්පත්ති 3:11-16

උත්පත්ති 3:11-16 SCV

එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක. මනුෂ්‍යයා පිළිතුරු දෙමින්, “මා සමඟ සිටින්නට ඔබවහන්සේ මට දුන් ස්ත්‍රී, ඒ ගහේ පල මට දුන්නා; මාත් කෑවා” යි කී ය. එවිට ස්ත්‍රිය ඇමතූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, “මොකක් ද මේ නුඹ කළේ?” යි පැවසූ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සර්පයා මා මුළා කළා. මාත් කෑවා” යි කීවා ය. එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සර්පයාට මෙසේ පැවසූ සේක: “තා මේ දේ කළ නිසා, “ගව-මහීෂාදී සියලු සතුනට ද සියලු වන සතුනට ද වැඩියෙන් තා ශාප ලබන්නෙහි ය. තගේ දිවි ඇති තුරා, තා බඩ ගා යමින්, දූවිල්ල කනු ඇත. තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය හා ඇගේ වංශය අතර ද මම සතුරුකම තබන්නෙමි. ඔහු, තගේ හිස පොඩි කරන්නේ ය. තා, ඔහුගේ විලුඹට පහර දෙනු ඇත.” උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්, “ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි; වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත. නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය. ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක.

උත්පත්ති 3:11-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය