උත්පත්ති 3:1-5

උත්පත්ති 3:1-5 SCV

ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සාදා තිබූ කවර වන සතකුටත් වඩා සර්පයා ප්‍රයෝගකාරී විය; ඌ ස්ත්‍රිය අමතමින්, “ ‘උයනේ ඇති කිසි ගසකින් ඔබ නො කෑ යුතු ය’ කියා දෙවියන්වහන්සේ සැබවින් ම කී සේක් දැ?” යි ඇසී ය. ස්ත්‍රිය සර්පයාට පිළිතුරු දෙන්නී, “උයනේ ඇති ගස්වල පල කන්නට අපට පුළුවන. එහෙත් දෙවියන්වහන්සේ කීවේ, ‘උයන මැද ඇති ගහේ පල ඔබ නො කෑ යුතු ය; එය ස්පර්ශ නො කළ යුතු ය. නැතහොත් ඔබ මිය යනු ඇත’ කියා යැ” යි පැවසුවා ය. “සැබවින් ම ඔබ මැරෙන්නේ නැතැ” යි පැවසූ සර්පයා, “එයින් කන දවසේ ඔබේ ඇස් ඇරී, හොඳ හා නරක දැනගැනීමෙන් ඔබත් දෙවියන්වහන්සේ හා සමාන වන වග දෙවියන්වහන්සේ දන්නා සේකැ” යි ද පැවසී ය.

උත්පත්ති 3:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය