උත්පත්ති 29:21-25
උත්පත්ති 29:21-25 SCV
ඉන්පසු යාකොබ්, ලාබාන්ට කතා කොට, “මගේ සේවා කාලය මා සම්පූර්ණ කර ඇති නිසා, මගේ බිරිඳ හා එක් වන්නට ඇය මට බාර දෙන්නැ” යි ඉල්ලී ය. එවිට ලාබාන් එහි සිටි සියලු ජනයා එක් රැස් කරවා, මංගල සාදයක් පැවැත්වී ය. සවස් වූ කල ඔහු තම දියණිය වූ ලෙයා කැඳවාගෙන ගොස්, යාකොබ්ට බාර දුන්නේ ය. යාකොබ් ඇය හා සයනය කළේ ය. ලාබාන් තම දාසිය වන සිල්පා තම දියණිය වූ ලෙයාට සේවිකාවක වශයෙන් දුන්නේ ය. උදෑසන පැමිණි කල මෙන්න! එහි වූයේ ලෙයා ය. එබැවින් ලාබාන් ඇමතූ යාකොබ්, “මොකක් ද මේ නුඹ මට කළේ? මා නුඹට මෙහෙ කළේ රාඛෙල් සඳහා නො වේ ද? නුඹ මා රැවටුවේ කිම දැ?” යි ඇසී ය.

