උත්පත්ති 24:42-47

උත්පත්ති 24:42-47 SCV

“අද මම දිය උල්පත ළඟට පැමිණ, ‘අහෝ ස්වාමින්වහන්ස, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මා ආ ගමන ඔබ සඵල කරන සේක් නම්, මෙන්න, මම මේ දිය උල්පත ළඟ සිටගෙන සිටින අතරේ දිය අදින්නට තරුණියක් පිටත් ව ආ විට, “කරුණාකර, ඔබේ කළෙන් මට වතුර ඩිංගක් දෙන්නැ” යි මා ඇගෙන් ඉල්ලනවා. එවිට “ආ බොන්න; ඔබේ ඔටුවන්ටත් මා දිය ඇද දෙන්නම්” කියා ඈ කියන්නී නම්, ඇය මගේ ස්වාමියාගේ පුත්‍රයාට ස්වාමින්වහන්සේ තේරූ සහකාරිය වේවා’ යි කීවා. “මගේ හදවතින් මා එසේ කියා නිම වන්නටත් කලින් රෙබෙකා තම කළය තම කරේ තබා, පිටත් ව ආවා. ඈ දිය උල්පතට බැස, දිය ඇද්දා. එවිට මම, ‘කරුණාකර මට බොන්න වතුර ඩිංගක් දෙන්නැ’ යි ඇගෙන් ඉල්ලුවා. “එවිට වහා තම කරෙන් තම කළය පහත් කළ ඈ, ‘ආ බොන්න; ඔබේ ඔටුවන්ටත් වතුර දෙන්නම්’ කීවා. මෙසේ, මා වතුර බීවා. ඔටුවන්ටත් ඈ වතුර දුන්නා. “ ‘ඔබ කාගේ දියණිය දැ?’ යි මා ඇගෙන් ඇසුවා. “ඈ පිළිතුරු දෙමින්, ‘මම, නාහෝර්ට දාව මිල්කා බිහි කළ පුත් බෙතුවෙල්ගේ දියණියැ’ යි කීවා. “එවිට ඇගේ නාසයට නාසාභරණය ද ඇගේ දෑතට වළලු ද දැමූ මා