උත්පත්ති 24:1-4

උත්පත්ති 24:1-4 SCV

ආබ්‍රහම් මේ වන විට මහලු ව, බෙහෙවින් වියපත් ව සිටියේ ය. ස්වාමින්වහන්සේ හැම අයුරින් ම ඔහුට ආශිර්වාද කර තිබිණ. ආබ්‍රහම්, තමා සතු සියල්ලෙහි බාරකරු වූ තම ගෘහවාසී දෙටු සේවකයා අමතමින්, “ඔබේ අත මගේ කලවය යට තබා, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ද පොළොවේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා දැන් ඔබ දිවුරවන්නේ, දැන් මා වෙසෙන කානානිවරුන් අතරේ දූවරුන් වෙතින් ඔබ මගේ පුතුට බිරිඳක සොයා නො දෙන බවටත්, මා උපන් රටටත්, මගේ ම නෑසියන් වෙතටත් ගොස්, මගේ පුතු ඊසාක්ට බිරිඳක ගෙන දෙන බවටත් යැ” යි කීවේ ය.