උත්පත්ති 22:8-14

උත්පත්ති 22:8-14 SCV

එවිට ආබ්‍රහම්, “මා පුත, දෙවියන්වහන්සේ ම දවන යාග පූජාවට බැටළු පැටවා සපයා ගනු ඇතැ” යි පිළිතුරු දුන්නේ ය. දෙදෙනා එක් ව මෙසේ ගමන් ගත්හ. දෙවියන්වහන්සේ ඔහුට පවසා තිබූ තැනට ළඟා වූ කල, එතැන පූජාසනයක් ගොඩ නැගූ ආබ්‍රහම් ඒ මත දර අසුරා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය මත වූ දර ගොඩ උඩ ඔහු තැබී ය. ඉන්පසු අත දිගු කළ හේ තම පුතු ඝාතන කරන්නට පිහිය අතට ගත්තේ ය. එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා, “ආබ්‍රහම්! ආබ්‍රහම්!” යැයි ස්වර්ගයේ සිට ඔහුට හඬ ගැසී ය. එවිට ඔහු, “මම මෙහේ” යි කීවේ ය. එවිට දූතයා, “ළමයාට අත තියන්න එපා. ඔහුට කිසිවක් කරන්න එපා. දෙවියන්වහන්සේට ඔබ භය පක්ෂපාත බව දැන් මම දනිමි. මන්ද ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා මට පූජා කිරීමට ඔබ පැකිළුණේ නැතැ” යි කීවේ ය. ආබ්‍රහම් ඇස් ඔසවා අවට බැලී ය. එවිට මෙන්න! අකුලක අං පැටලී සිටි බැටළුවෙක්! එතැනට ගොස්, ඌ අල්ලා ගත් ආබ්‍රහම්, තම පුත් ඊසාක් වෙනුවට දවන යාග පූජාවක් කොට ඌ ඔප්පු කළේ ය. එබැවින් ආබ්‍රහම් එම ස්ථානයට යෙහෝවා-යීරේ යන නම තැබුවේ ය. “ස්වාමින්වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලැබේ” යන කියමන අද දවස දක්වා ව්‍යවහාර වේ.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 22:8-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය