උත්පත්ති 22:10-12

උත්පත්ති 22:10-12 SCV

ඉන්පසු අත දිගු කළ හේ තම පුතු ඝාතන කරන්නට පිහිය අතට ගත්තේ ය. එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා, “ආබ්‍රහම්! ආබ්‍රහම්!” යැයි ස්වර්ගයේ සිට ඔහුට හඬ ගැසී ය. එවිට ඔහු, “මම මෙහේ” යි කීවේ ය. එවිට දූතයා, “ළමයාට අත තියන්න එපා. ඔහුට කිසිවක් කරන්න එපා. දෙවියන්වහන්සේට ඔබ භය පක්ෂපාත බව දැන් මම දනිමි. මන්ද ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා මට පූජා කිරීමට ඔබ පැකිළුණේ නැතැ” යි කීවේ ය.