උත්පත්ති 22:1-3

උත්පත්ති 22:1-3 SCV

මේ සිදුවීම්වලින් ඉක්බිති, දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කළ සේක. උන්වහන්සේ, “ආබ්‍රහම්” යැයි ඔහු ඇමතූ සේක. “මම මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. දෙවියන්වහන්සේ කතා කරමින්, “ඔබේ පුත්‍රයා, ඔබ ප්‍රේම කරන ඔබේ එක ම පුත්‍රයා, ඊසාක් කැටුව, මොරීයා පෙදෙසට යන්න. එහිදී මා ඔබට පවසන කන්ද මත දවන පූජාවක් කොට ඔහු ඔප්පු කරන්නැ” යි පැවසූ සේක. පසු දා අලුයම් උදෙන් අවදි වූ ආබ්‍රහම්, තම බූරුවා ගමනට සූදානම් කොට, තම සේවකයින් දෙදෙනකු ද තම පුත් ඊසාක් ද කැටුව, දවන යාග පූජාවට දර ද පලා ගෙන, දෙවියන්වහන්සේ ඔහුට පවසා තිබූ ස්ථානය බලා පිටත් ව ගියේ ය.

මෙයට අදාළ වීඩියෝ

උත්පත්ති 22:1-3 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය