උත්පත්ති 21:25-31
උත්පත්ති 21:25-31 SCV
ඉන්පසු ආබ්‍රහම්, අබිමෙලෙක්ගේ සේවකයින් විසින් බලෙන් අල්ලා ගන්නා ලද ජල-ළිඳක් ගැන අබිමෙලෙක්ට පැමිණිලි කළේ ය. අබිමෙලෙක් පිළිතුරු දෙමින්, “කවුරුන් මෙය කළාදැයි මා දන්නේ නෑ; ඔබ මට කීවේත් නෑ; අද දවස දක්වා මට එය අසන්නට ලැබුණේත් නෑ” යි කීවේ ය. එවිට ආබ්‍රහම් බැටළුවන් ද ගවයින් ද ගෙනවුත්, අබිමෙලෙක්ට දුන්නේ ය. එලෙස ඒ මිනිසුන් දෙදෙන ගිවිසුමකට එළැඹුණහ. ආබ්‍රහම් ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු රැළෙන් වෙන් කළේ ය. එවිට අබිමෙලෙක්, “මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු වෙන් කිරීමේ තේරුම කුමක් දැ?” යි ආබ්‍රහම්ගෙන් ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මේ ළිඳ මා විසින් හාරන ලද්දක් බවට සාක්ෂියක් වශයෙන් මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙන මගේ අතින් බාරගන්නැ” යි ඉල්ලී ය. ඔවුන් දෙදෙනා එහිදී දිවුරුමක් ශපථ කළ නිසා, ඒ ස්ථානය බෙයර්ෂෙබා නමින් හැඳින්විණ.

