උත්පත්ති 21:15-19
උත්පත්ති 21:15-19 SCV
සම් බඳුනේ වතුර ඉවර වූ කල, පඳුරක් යට දරුවා හැර තැබූ ඈ, හී සැරයක පමණ දුරක් ඔබ්බට ගොස්, හිඳ ගත්තා ය. “දරුවා මියැදෙනු මට බලා සිටිය නො හැකැ” යි පැවසූ ඈ ඉකි බිඳ හඬන්නට වන්නී ය. ළමයා නගන හඬ දෙවියන්වහන්සේට ඇසිණි. එවිට දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කරමින්, “මොකක් ද කාරණය හාගර්? භය වන්න එපා. සිටින තැන සිට දරුවා නගන හඬ දෙවියන්වහන්සේට ඇසී ඇත. නැගිටින්න, අවුත් දරුවා නැගිටුවා, ඔහුගේ අතින් අල්ලා ගන්න. මන්ද මම මහත් ජාතියක් බවට ඔහු පමුණු වන්නෙමි” යි කීවේ ය. ඉන්පසු දෙවියන්වහන්සේ හාගර්ගේ ඇස් විවර කළ සේක. එවිට ඈ දිය සහිත ළිඳක් දුටුවා ය. එහි ගොස්, සම් බඳුනට දිය පුරවා ගත් ඈ, ළමයාට බොන්නට දුන්නා ය.

