උත්පත්ති 2:20-24
උත්පත්ති 2:20-24 SCV
මෙසේ, ගව-මහීෂාදී ඇති කරන සතුන් සියල්ලනට ද අහස් පක්ෂීන් හා සියලු වන සතුනට ද මනුෂ්‍යයා නම් දුන්නේ ය. එහෙත් ආදම්ට ගැළපෙන සහකාරියක හමු වුණේ නැත. එබැවින් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා තද නින්දකට පමුණුවා, ඔහු නිදා සිටින අතරේ, මනුෂ්‍යයාගේ ඉල ඇටයක් ගෙන, හිදැස මසින් වැසූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක සාදා, මනුෂ්‍යයා වෙත ඇය ගෙන ආ සේක. එවිට මනුෂ්‍යයා, “මේ නම් මගේ ඇටවලින් වූ ඇට ය. මගේ ම මසින් වූ මස ය. මනුෂ්‍යයා වෙතින් ගන්නා ලද නිසා මැය ‘ස්ත්‍රී’ නමින් හැඳින් වේ යැ” යි පැවසී ය. එබැවින්, මනුෂ්‍යයෙක් තම පියා ද මව ද අතහැර තම භාර්යාවට බැඳෙන්නේ ය. මෙසේ ඔවුහු එක ම මාංසයක් වෙති.

