උත්පත්ති 2:1-4

උත්පත්ති 2:1-4 SCV

මෙසේ අහසත්, පොළොවත් එහි මුළු සේනාවත් සම්පූර්ණ කරන ලදී. හත් වන දවස වන විට දෙවියන්වහන්සේ තමන් කළ කාර්යය නිම කොට තිබූ සේක්, තමන් කළ සියලු කටයුතුවලින් උන්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. මෙසේ දෙවියන්වහන්සේ තමන් කරන ලද මැවීමේ සියලු කටයුතුවලින් හත් වන දවසේ විවේක ගත් බැවින්, උන්වහන්සේ ඒ දවසට ආශිර්වාද කොට, එය ශුද්ධ යයි නියම කළ සේක. අහස් හා පොළොව මවනු ලැබූ කල්හි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොව හා අහස් තැනූ කාලයේ ඒවායේ පරම්පරා පුවත මෙසේ ය.

උත්පත්ති 2:1-4 බයිබල් පදය සහිත රූපය

උත්පත්ති 2:1-4 - මෙසේ අහසත්, පොළොවත් එහි මුළු සේනාවත් සම්පූර්ණ කරන ලදී.

හත් වන දවස වන විට දෙවියන්වහන්සේ තමන් කළ කාර්යය නිම කොට තිබූ සේක්, තමන් කළ සියලු කටයුතුවලින් උන්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. මෙසේ දෙවියන්වහන්සේ තමන් කරන ලද මැවීමේ සියලු කටයුතුවලින් හත් වන දවසේ විවේක ගත් බැවින්, උන්වහන්සේ ඒ දවසට ආශිර්වාද කොට, එය ශුද්ධ යයි නියම කළ සේක.

අහස් හා පොළොව මවනු ලැබූ කල්හි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොව හා අහස් තැනූ කාලයේ ඒවායේ පරම්පරා පුවත මෙසේ ය.