ඉන්පසු ලොත් ඇමතූ ඔවුහු දෙදෙන, “කවුරු ද ඔබට මෙහි සිටින්නේ? බෑණාවරුන්, පුතුන්, දූවරුන් හෝ මේ නගරයේ සිටින ඔබේ පවුලට අයත් අන් කවුරුන් වුවත් ඔවුන් මෙතැනින් ඉවතට ගෙන යන්න. මේ නගරය විනාශ කරන්නටයි අප යන්නේ. මේ නගර ජනයාට එරෙහිව ස්වාමින්වහන්සේ වෙත නැගෙන කෑ මොර ගැසීම අතිශයෙන් බරපතළයි. එබැවින් මෙය විනාශ කර දමන්නට උන්වහන්සේ අප එවුවා” යි කීහ. එබැවින් ලොත් තම දූවරුනට විවාහ වී සිටි තම බෑණාවරුන් හමුවට පිටත් ව ගොස්, “ඉක්මන් කරන්න. මෙතැනින් ඉවත් වෙන්න; ස්වාමින්වහන්සේ මේ නගරය විනාශ කරන්නට යනවා” යි කීවේ ය. එහෙත් ඔහුගේ බෑණාවරුන්ට පෙනී ගියේ, ඔහු විහිළුවක් කරන සෙයකි. උදයට පහන් වෙත් ම, දේව දූතයෝ ලොත් උනන්දු කරවමින්, “ඉක්මනට, මෙහි සිටින ඔබේ බිරිඳත්, ඔබේ දූවරුන් දෙදෙනාත් ගෙන යන්න. නැතහොත්, නගරයට දඬුවම් දෙන කල, ඔබත් වැනසී යාවි” යි කීහ. එහෙත් ලොත් සුනංගු වනු දුටු ඒ මිනිස්සු, ඔහු වෙත වූ ස්වාමින්වහන්සේගේ දයාව නිසා ලොත්ගේ, ඔහුගේ බිරිඳගේ හා ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්වලින් ඇදගෙන ගොස්, නගරයෙන් පිටතට සුරැකි ව ඔවුන් ඇරලූහ. එසේ පිටතට ඔවුන් ඇරලූ විගස ඔවුන් ඇමතූ ඒ දෙදෙනාගෙන් කෙනෙක්, “ජීවිත බේරා ගන්නට පලා දුවන්න; පසු පස හැරී බලන්න එපා; තැන්නේ කිසි තැනක නවතින්න එපා. කඳුකරයට ම පලා යන්න; නැතහොත් ඔබ වැනසී යාවි” යි පැවසී ය.
උත්පත්ති 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 19:12-17
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ