උත්පත්ති 17:1-6

උත්පත්ති 17:1-6 SCV

ආබ්‍රම් අනූනව වන වියට පත් කල, ස්වාමින්වහන්සේ ඔහුට පෙනී, “මම සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය. මා අබියස හැසිරෙමින් නිර්දෝෂී ව සිටින්න; එසේ මා හා ඔබ අතර මගේ ගිවිසුම මම ස්ථිර කරන්නෙමි. ගණනින් ඔබ බහුල ලෙස වැඩි කරන්නෙමි” යි කී සේක. ආබ්‍රම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මෙන්න! මා ඔබ සමඟ කරන මගේ ගිවිසුම මෙයයි; බොහෝ ජාතීනට ඔබ පියා වනු ඇත. තවදුරටත් ඔබ ආබ්‍රම් යනුවෙන් අමතනු ලබන්නේ නැත. ඔබගේ නම ආබ්‍රහම් වන්නේ ය. මන්ද, බොහෝ ජාතීන්ගේ පියා බවට මම ඔබ පත් කළෙමි. මම, ඔබ අතිශයෙන් සඵල කරන්නෙමි. ඔබෙන් ජාතීන් ඇති කරන්නෙමි. රජවරුන් ඔබගෙන් පැවත එනු ඇත.