ස්වාමින්වහන්සේගේ දූතයාට කාන්තාරයේ දිය උල්පත් අසලදී, ෂූර් දක්වා දිවෙන මාවත පසෙක වූ දිය උල්පත අසලදී හාගර් හමු වී, කතා කරමින්, “හාගර්, සාරයිගේ දාසිය, ඔබ කොහි සිට එනවා ද? කොහි යනවා දැ?” යි ඇසී ය. “මම මගේ ස්වාමි දූ සාරයි වෙතින් පලා යනවා” යි ඈ පිළිතුරු දුන්නා ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඇය අමතමින්, “ඔබේ ස්වාමි දූ වෙත ආපසු යන්න; ගොසින්, ඇයට යටහත් ව සිටින්නැ” යි කීවේ ය. තවදුරටත් කතා කළ ස්වාමින්වහන්සේගේ දූතයා, “මම ඔබේ දරු පරපුර ගණන් කළ නො හැකි තරමට වැඩි කරන්නෙමි” යි පැවසී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඇයට මෙසේ ද පැවසී ය: “මෙන්න! දැන් දරු ගැබක් ඔබ දරයි. ඔබ, පුතකු බිහි කරනු ඇත. ඉෂ්මායෙල් නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. මන්ද ස්වාමින්වහන්සේ ඔබේ දුක්-සන්තාපය ඇසූ බැවිනි. ඔහු කැලෑ බූරුවකු වැනි මිනිසකු වනු ඇත. ඔහුගේ අත හැම කෙනකුට එරෙහි වෙයි. හැම කෙනකුගේ අත, ඔහුට එරෙහි වෙයි. ඔහු තම සියලු නෑසියන්ගෙන්, වෙන් ව වෙසෙනු ඇත.” එවිට හාගර්, තමා ඇමතූ ස්වාමින්වහන්සේට, “මා දෙස බලන දෙවියන්වහන්සේ ඔබ ය” යන අරුතින් ඒල්-රොයී යන නමින් ඇමතුවා ය. මන්ද ඈ, “සැබවින් ම මම දෙවියන්වහන්සේ දුටුවෙමි; එසේ දැකලාත් ජීවත් ව සිටින්නෙමි” යි කීවා ය. “මා දෙස බලන ජීවමාන තැනැන්වහන්සේගේ ළිඳ” යන අරුතින් එම ළිඳට, බෙයර් ලහායි-රොයී යන නම තබන ලද්දේ එබැවිනි. එය තිබෙනුයේ කාදෙෂ් හා බෙරෙද් අතර ය. හාගර්, ආබ්‍රම්ට පුතකු බිහි කළා ය. ඇය බිහි කළ තම පුතුට ආබ්‍රම් නම් තැබුවේ, ඉෂ්මායෙල් කියා ය. හාගර් ඔහුට දාව ඉෂ්මායෙල් බිහි කරන කල්හි, ආබ්‍රම් අසූහය වන වියෙහි විය.
උත්පත්ති 16 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 16:7-16
3 Days
El Shaddai, meaning the Almighty Sufficient One, is one of the names of God revealed to Abraham. When Abraham lacked belief in the covenant, God described Himself as El Shaddai, letting Abraham know that he didn’t need any help but through God. Tony Evans teaches more on this in this three-day plan.
Exhortation is a huge part of worship leading. Support your ministry on the platform by becoming familiar with the many facets of who God is. That way you can take what you know and share it with the people you are leading. This Bible plan is meant to introduce you to some of the uncommon names of God. Enjoy it individually or with your worship team and band.
Are you struggling to face the darkness of this world? You're not the only one crying out to God and wondering if He hears your prayers. Embrace these three powerful secrets from Bible desperados who knew what it meant to pray from rock bottom, with no way out but up circumstances.
At times you feel invisible, as if your prayers get lost in the silence. But God has never stopped seeing you. This plan will remind you that you were loved, not forgotten. He sees you in the desert, remembers you in the waiting, and calls you by your name. No matter how much time has passed, His love continues writing your story with purpose and tenderness.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ