උත්පත්ති 15:1-7

උත්පත්ති 15:1-7 SCV

මින් අනතුරුව ස්වාමින්වහන්සේගේ වචනය, දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණියේ ය: “භය නො වන්න ආබ්‍රම්, ඔබේ පලිහ මමයි; ඔබේ ත්‍යාගය ද අති මහත් ය.” එහෙත් ආබ්‍රම් කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, තවම දරුවකු නැතිව සිටින මට කුමක් ඔබ දෙන සේක් ද? මා සතු වස්තුවට උරුමකරුවා වනු ඇත්තේ, දමස්කයේ එලියේසර්” යැයි පැවසී ය. ආබ්‍රම් යළිත්, “ඔබවහන්සේ මට දරුවකු දී නැති නිසා, මගේ උරුමකරු වනු ඇත්තේ මගේ ගෙදර මෙහෙකරුවෙකි” යි ද කීවේ ය. එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔහු වෙත මෙසේ කියමින් පැමිණියේ ය: “ඒ මිනිසා ඔබේ උරුමකරු වන්නේ නැත. ඔබට දාව උපදින, ඔබේ ම පුතකු ඔබේ උරුමකරු වනු ඇතැ” යි පැවසී ය. උන්වහන්සේ පිටතට ඔහු කැඳවා, “අහස දෙස ඉහළ බලා, තරු ගණින්න. සැබවින් ම ඔබට එය ගැණිය හැකි වේ ද! ඔබේ දරු පරපුරත් එසේ ම වන්නේ යැ” යි පැවසූ සේක. ආබ්‍රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක. උන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මේ දේශය ඔබ විසින් හිමි කර ගන්නා පිණිස, එය ඔබට දෙන්නට, කල්දිවරුන්ගේ ඌර් නුවරින් ඔබ පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක.

උත්පත්ති 15:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය