උත්පත්ති 14:17-21
උත්පත්ති 14:17-21 SCV
ආබ්‍රම්, කෙදොර්-ලායොමෙර් ද ඔහුගේ පක්ෂය ගත් රජුන් ද පරදා, ආපසු පැමිණි කල, සොදොම් රජු ෂාවේ මිටියාවත හෙවත් රජුගේ මිටියාවතේදී ඔහු හමුවට පිටත් ව ආවේ ය. එකල සාලෙම්හි රජු වූ මෙල්කිසදෙක්, රොටි හා මිදි යුෂ ගෙනාවේ ය. ඔහු මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය. ඔහු ආබ්‍රම්ට ආශිර්වාද කරමින්, “අහසෙත්, පොළොවෙත් මැවුම්කරුවාණන් වූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශිර්වාද ලැබේවා! ඔබගේ සතුරන් ඔබගේ අතට දුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!” යි පැවසී ය. එවිට ආබ්‍රම්, හැම දෙයින් ම දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය. සොදොම් රජු ආබ්‍රම් අමතමින්, “ජනයා මට දෙන්න. බඩු භාණ්ඩ ඔබ ම ගන්නැ” යි කීවේ ය.

